විග්නේෂ්වරන් අභියාචනාධිකරණය හමුවට | දිනමිණ

විග්නේෂ්වරන් අභියාචනාධිකරණය හමුවට

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද (07) උදෑසන අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටී බව වාර්තාවේ.

ඒ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඔහුට කළ දැනුම්දීමකට අනුවයි.

උතුර පළාත් සභාවේ ප්‍රවාහන හා ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරමින් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය ජුනි මස 29 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත්, අධිකරණ තීන්දුව අනුව, ඔහුට යළි අමාත්‍ය ධුරය ලබා නොදීම හේතුවෙන් මෙලෙස අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට පසුගිය අගෝස්තු මස 08 වනදා දැනුම්දී තිබුණි.

ඒ අනුවයි, ඔහු අද දිනයේ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිට ඇත.


නව අදහස දක්වන්න