රිය අනතුරින් පාපැදිකරු මරු දකියි | දිනමිණ

රිය අනතුරින් පාපැදිකරු මරු දකියි

පුත්තලම - ආණමඩුව මාර්ගයේ කොට්ටුකච්චිය - විහාරගම ප්‍රදේශයේ දී සිදුවී ඇති අනතුරකින් පා පැදිකරුවෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය - උස්බිම් ජනපදයේ පදිංචිව සිටි අබේසිංහ හේරත් මුදියන්සේලාගේ තරංග කුමාර (35) නම් පුද්ගලයෙක් බව වාර්තාවේ.

අනතුරට පත්ව ඇති පාපැදිය ආණමඩුව දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබී ඇති අතර ඉදිරියෙන් පැමිණ ඇති කිසියම් වාහනයක පාපැදිය ගැටී මෙම අනතුර සිදුව ඇත. 

අතුරු සිදුකළ වාහනය නොනවත්වා පලා ගොස් ඇත.

අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි පා පැදිකරුව එම අවස්ථාවේදීම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති අතර රෝහල දක්වා රැගෙන යමින් සිටින විට ඔහු මිය ගොස් තිබේ.


නව අදහස දක්වන්න