මහරගම සභාවේ සේවකයින් රාජකාරිවලින් ඉවත්වේ | දිනමිණ

මහරගම සභාවේ සේවකයින් රාජකාරිවලින් ඉවත්වේ

මහරගම නගර සභාවේ සියලූම සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබේ.

ඒ නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් පහරදී ඇති බවට චෝදනා කරමිනුයි.

මෙම සේවකයන් ඊයේ රාත්‍රියේ සිය නිවෙස් බලා යමින් සිටියදී අවන්හලකට ගොස් මත්පැන් පානය කර ඇති බව සඳහන්.

ඔවුන් ප්‍රකාශ කරන්නේ, එම ස්ථානයට පැමිණි නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් තමන්ට පහරදුන් බවයි.

අදහස් 1ක් ඇත

Does this chairman given police powers and court powers to punish workers in the council?

නව අදහස දක්වන්න