හිරු මුදුන් වෙයි - මුහුද රළු වෙයි | දිනමිණ

හිරු මුදුන් වෙයි - මුහුද රළු වෙයි

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ අද රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

                                    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                  2018 සැප්තැම්බර්මස07 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර හෝ නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.

එවිට, එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.45-55 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.

එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

මේ අතර බූස්ස, අක්මීමණ, අකුරැස්ස, කඹුරුපිටිය, හක්මණ සහ දෙනගම යන ප‍්‍රදේශවලට අද දහවල් සූර්යයා මුදුන් වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 28 වනදා සිට සූර්යයා පවතින්නේ ශී‍්‍ර ලංකාවට ඉතා ආසන්නවයි.

                                                 මහජනයා සඳහා කාලගුණ අනාවැකිය

                               2018 සැප්තැම්බර්මස07 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

සැප්තැම්බර්මස 09 දා සිට 11දා දක්වා දිවයිනේ උතුරු,උතුරුමැද,නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.

කෙසේවෙතත්, හෙට දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

හම්බන්තොටසහ බදුල්ල දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.

 

නව අදහස දක්වන්න