උතුරේ ඉඩම් අක්කර 04.44 ක් ජනතා අයිතියට | දිනමිණ

උතුරේ ඉඩම් අක්කර 04.44 ක් ජනතා අයිතියට

දශක තුනක් මුළුල්ලේ පැවති කුරිරු යුද්ධයෙන් තමන්ගේ නිවාස හා ඉඩම් අහිමිව සිටි සිවිල් ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර 04.44 ක් ජනතා අයිතියට පත් කෙරිණ.

ඒ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේය.

මයිලඩි උතුර ග‍්‍රාමසේවා වසමට අයත් අක්කර 02.75 කින් යුත් භූමි ප‍්‍රදේශයක් තුල පිහිටා ඇති යාපනය මයිලඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලය  හා කුරුමිබසෙඩිඩි ග‍්‍රාම සේවා වසමට අයත් සමුපකාර ගොඩනැගිල්ල සහ ප‍්‍රජාශාලාව ඇතුළු පර්චස් 80ක භුමි ප‍්‍රමාණයක් සහ ආනකෝටිටේ ප‍්‍රදේශයේ අක්කර 01,19 ක භූමි ප‍්‍රමාණයක් මයිලඩි ප‍්‍රදේශයේදී පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වෙිදනායහම්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි, බි‍්‍රගේඩියර් ප‍්‍රධාන මාණ්ඩලික නිළධාරී බි‍්‍රගේඩියර් රසික කරුණාතිලක, උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂක උයද කුමාර්, තෙලිප්පලේ ප‍්‍රාදේශිය ලේකම් එස්. ශිවශි‍්‍ර, කෙලෙයිමගල් මහා විද්‍යාලයේ විදුහල්පතිි සම්මුගනාදන් තමිල්සෙල්වි, යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිළයින්, රාජ්‍ය නිලධාරින් සහ පාසල් සිසුන් ඇතුළු ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම සඳහා සහභාගි විය.


නව අදහස දක්වන්න