බොඩි ඩොක් පළමු සංවත්සරය සමරයි | දිනමිණ

බොඩි ඩොක් පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ විශාලතම ශාරීරික යෝග්‍යතා හා සුවතා මධ්‍යස්ථානය වන මාලබේ අතුරුගිරිය පාරේ පිහිටි බොඩි ඩොක් (Body Doc) සිය පළමු සංවත්සරය අභිමානයෙන් සමරයි.

තාක්ෂණයෙන් හා නවීනතම උපකරණ රැසකින් සමන්විත වූ මේ සුඛෝපභෝගී ශරීර යෝග්‍යතා හා සුවතා මධ්‍යස්ථානය වෙත දිවයිනේ නන් දෙස ජනප්‍රිය වී ඇත්තේ ශරීර යෝග්‍යතාවය හා සුවතාවය සඳහා දිවයිනේ එකම වහලක් යටින් සියලුම සේවාවන් ඉතා පහසුවෙන් ලබා ගත හැකි ආයතනයක් නිසාවෙනි.

බොඩි ඩොක් සාමාජිකත්වය ලබාගන්නා සෑම සාමාජිකයකුටම ඔවුන්ගේ ධෛනික ජීවන රටාවන් සමග යෝග්‍යතාවය මැනවින් පවත්වා ගනිමින් නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා විශේෂ අවධානයක් සමගින් පුද්ගලික පුහුණුව,ක්‍රියාකාරකම් ජාත්‍යන්තර පුහුණුව සහ පළපුරුද්ද සහිත පුහුණු උපදේශකවරුන් විසින් ලබාදේ.

පළමු සංවත්සරය සැමරීමේ අවස්ථාව සඳහා බොඩි ඩොක් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා වෛද්‍ය තනුකී ඉඩන්ගොඩගේ ඇතුලු උසස් නිලධාරින්, පුහුණු උපදේශකවරුන්, දේශපාලනඥයින්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ඇතුලු විශාල පිරිසක් එක්වූහ.

ඡායාරූපය - සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න