දේපළ වෙළදාම් ආයෝජනයේ පොරොන්දු ඉටුකළ ‘CBH ලෑන්ඩ්ස්’ | දිනමිණ

දේපළ වෙළදාම් ආයෝජනයේ පොරොන්දු ඉටුකළ ‘CBH ලෑන්ඩ්ස්’

ශත වර්ෂ ගණනාවක සිට වත්කමක් ලෙස ඉඩම්වලට ඉහළ වටිනාකමක් හිමිවේ. දේපළ හිමිකාරත්වය සමාජ තත්ත්වය කියාපාන සළකුණක් මෙන්ම හදිසි අවස්ථාවන්හිදී ආරක්ෂිත ආයෝජනයක් ලෙසද සැලකේ. නගරබදව මෙන්ම ගම්බද ඉඩම්වල වටිනාකම ඉහළ යමින් පවතින නිසා දේපළ වෙළෙඳාම ආකර්ෂණීයම ආයෝජන විකල්පය බවට වඩ වඩාත් පත්වෙමින් තිබේ. කෙසේ වෙතත් ඉඩම් ආයෝජනයේ අසීරු නොහොත් දුෂ්කර පැතිකඩක් ද වේ. එනම් යමෙකුගේ අවශ්‍යතාවට වඩාත් ගැළපෙන ඉඩම් සෙවීම, නීති හා ලේඛන කටයුතු මෙන්ම සමාගමේ විශ්වසනීයත්වය සහ වැය කරන මුදලට නිසි වටිකානකම සහතික වීම ආදියයි.

දේපළ වෙළෙඳාම සම්බන්ධව සමාගම සතු පුළුල් දැනුම (වෙළෙඳ පොළෙහි) හොඳම දේ ලබා දීමට ඇති කැපවීම සහ ඉඩම් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ සෑම අංශයක්ම කාර්යක්ෂමව හසුරුවන අතිදක්ෂ කණ්ඩායම් මගින් CBH Lands මේ අසීරුතා සියල්ල සම්පූර්ණයෙන්ම විසඳාලයි. මේ CBH ආයතනයේ ඉඩම් ප්‍රධාන වශයෙන්ම කුරුණෑගල සහ හෝමාගම යන ප්‍රදේශවල පිහිටා ඇති අතර, අනෙකුත් තදාසන්න ප්‍රදේශවලින්ද එම සමාගමේ ඉඩම් මිලදීගත හැකිය. වෙල් යායකට සහ ගංගාවට මුහුණලන බිම් කොටස් සහිත කුරුණෑගල පිහිටි ප්‍රධාන බිම්කඩ එම භූමියේ දර්ශනීයත්වය අතින් සුවිශේෂී වේ.

නව අදහස දක්වන්න