සමන් දේවාලයේ ඇසළ මහ පෙරහරට පොලිතින් තහනම් | දිනමිණ

සමන් දේවාලයේ ඇසළ මහ පෙරහරට පොලිතින් තහනම්

රත්නපුර ‍‍ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය මෙවර උත්සවාකාරයෙන් පැවැත්වීමට නව බස්නායක නිලමේ මිගාර ජයසුන්ඳර මහතා පියවර ගෙන ඇති අතර , මහ පෙරහර පවත්වන 21 සිට 25 දිනවල රත්නපුර ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස අවට සුරාසල් සහ ඇලපාත, ගොරකඇල, පැරඩයිස් යන ප්‍රදේශවල පිහිටි සුරාසල් වැසීමට පෙ‍‍රහර සම්බන්ධව පැවති සාකච්ඡාවේදී තීරණය කරණ ලදී. රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සංවිධායකත්වයෙන් පෙරහර සම්බන්ධ සාකච්ඡාව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ශ්‍රී පාදස්ථානාධිපති ‍ සහ උෟව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල රාජමහ විහාරාධිපති බෙන්ගමුවේ ධම්ම දින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේ මිගාර ජයසුන්ඳර මහතා ‍‍ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂිකව පවත්වන දෙවේලේ පෙරහර දෙවේලේ පෙරහර මංගල්‍ය ලබන 10වැනිදා ආරම්භ වන බවත් , ඒ නිමිත්තෙන් එදින පෙරවරුවේ යෙදෙන සුබ නැකතින් කප් සිටවීම සිදුකරනු ලබන බව පැවසීය. පෙරහර මංගල්‍ය නිමිත්තෙන් පවත්වන පිරිත් දේශනය 8 දිනත්, මහ සංඟරත්නය උදෙසා පවත්වන සංඝගත දක්ෂිනාව 9 දින සමන්දේවාලයේදී පැවැත්වෙන‍ බව කී බස්නායක නිලමේ වරයා 10 සිට 15 දක්වාකුඹල් පෙරහර ද, 16 සිට 20 දින දක්වා දෙවේලේ පෙරහරත් ,මහ පෙරහර 21 සිට 25 දා දක්වාත් , දිය කැපීමේ මංගල්‍යය 26 දා රත්නපුර හෙල උඩ කළුගඟ ඉස්මත්තේ පිහිටි රත්මල ඇල්ලේදී සිදු වන බව කීය.. දිය කැපීමෙන් පසු දහවල්පෙරහැර පවත්වා දේව ආභරණ දේවාලයට වැඩම කිරීමෙන් පසු සබරගමු මහ මන් දේවාලයේ ඇසළ පෙරහ ර නිමාවට පත්වන බව කී සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේ වරයා පෙරහරට සහභාගිවු අලි ඇතුන් ඇතුළු සියළුදෙනා වෙනුවෙන් පවත්වන ගරායක් ශාන්තියද පැවැත්වෙන බව පැවසීය. කඩබිම් වෙන්දේසියද 10 දා දේවාල භුමියේදී සිදුකරන බව පැවසීය. සබරගමු මහ සමන්දේවාල පෙරහර මෙවර සියලු චාරිත්‍ර වලට මුල්තැන ලබාදෙමින් අලංකාරවත්ව පවත්වන බව කී බස්නායක නිලමේ මිගාර ජයසුන්ඳර මහතා අලි ඇතුන් 30ක් පමණ සහභාගිකරවීමට බලාපොරොන්තුවන අතරම සබරගමු,උඩරට සහ පහතරට නැටුම් වලට මුල්තැන ලබාදෙමින් අලංකාරව පැවැත්වීමට බලා පොරොන්තුවන බව පැවසීය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මිය සබරගමු මහ සමන්දේවා සල පෙරහර ශ්‍රී ලංකාව තුල පවත්වන පෙරහර අතර ප්‍රධාන තැනක් හිමිවන පෙරහරක් මෙම පෙරහර අලංකාරව පැවැත්වීමට සබරගමුවේ ජීවත්වන අප සැමදෙනා ගේ සහය ලබා දිය යුතුයි.රාජ්‍ය සහ පෞද්ගලික ආයතන හැකි පමණින් සහය ලබාදිය යුතුයි.පෙරහැර කාලය තුලදි ‍දේවාල භුමිය අවට පරිසරය පිරිසිදුවට තබා ගනිමින් ආරක්‍ෂා කර ගතයුතුයි.වෙළඳ සැල්වල පොලිතීන් විකිනීම තහනම් කල යුතු අතර පෙරහැර නැරඹීමට පැමිණෙන අය වාඩිවීමට භාවිතා කරණ සියළුදැ ආපසු ගෙනයාමට දැනුවත් කල යුතු යයිද කීවාය.පෙරහර සමයේදී ආහාර විකුනන හෝටල්වල පිරිසිදු භාවය සහ අධික මිලට ආහාර පාන විකිනීම වැලැවීම සඳහා මිලපාලන නිලධාරීන් අවධානය යොමු කල යුතු යයිද පවසුවායේ. පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව‍ගෙ ප්‍රවාහන පහසුව පිණිස මහ මාර්ගයේ අවහිර නොවන පරිදි ශ්‍රීලංගම සහ පෞද්ගලික බස් සේවාවන් පැවැත්වීමටත් ජනතාවගේ ආරක්‍ෂාව පිණිස කුරුවිට 4ගැමුණු හමුදා කඳවුරේ නිලධාරීන් සහරත්න පුර පොලීසියේ නිලධාරීන්ද යෙදවීම‍ට තීරණයවිය. සබරගමු මහ සමන්දේවාල‍යෙ නව බස්නායක නිලමේ වරයා වශයෙන් පත්වු මිහාර ජයසුන්දර මහතා සංවිධානය කරන ප්‍රථම ‍පෙරහැර මෙය වන අතර පෙරහර පවත්වන කාලයතුලදී රත්නපුර නගරය බෞද්ධ කොඩිවලින් සහ සැරසීමට ව්‍යාපාරික ජනතාව දැනුවත්කිරීමට තීරණය විය. ශ්‍රීපාදස්ථානයක් සබරගමු මහ සමදේවාලයත් අතර විශාල බැඳීමක් පවතිනවා.ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වයත් සමන්දේවාලයේ බස්නායක නිලමේ තුමාත් එක්ව පෙරහැර මංගල්‍ය සංවිධානය කරන ප්‍රථම අවස්ථාවයි. සබරගමුවේ සුමන සමන් දෙවියන් උදෙසා සංවිධානය කරන පෙරහර මංගල්‍ය සාර්ථකව පැවැත්වීමට සැමදෙනාගේම සහය ලබාදිය යුතුබව පැවසුහ.

එන්.පී.රාජදොරේ රත්නපුර විශේෂ


නව අදහස දක්වන්න

Or log in with...