මගී අපට සෙවණ දෙන්න | දිනමිණ

මගී අපට සෙවණ දෙන්න

ජනපති , අගමැති එක්ව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා තීන්දු තීරණ ගනිමින් ජනතා ප්‍රශ්නවලට කන්දෙමින් විවිධ අවශ්‍යතාවන් ඉටුකරලීමට ගන්නා ඇප කැපවීම ඉතා උසස් ලෙසින් අප අගය කරන්නෙමු. රටේත්, ජනතාවගේත් අවශ්‍යතා ඉටුකරන හා ඉටුවන මොහොතක වැදගත් අවශ්‍යතාවන් ඉටුවිය යුතු කරුණු කාරණා පෙන්වා දීම තුළින් තව තවත් ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීමට යම් යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට පහසුකම් කඩිනම් වනු ඇත.

එවැනි වැදගත් අවශ්‍යතාවයක් ගැන ඔබ සැමගේ අවධානයට යොමු කරන්නෙමු. එනම් මේ වන විට පෞද්ගලික බස් හා ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවාව මගීන්ගේ යහපත උදෙසා දිවා රාත්‍රී ක්‍රියාත්මකව පවතින්නකි. මගී ජනතාව ප්‍රධාන මාර්ගයට පැමිණීමෙන් පසු බස් රථයක් පැමිණෙන තෙක් බලා සිටිනු ඇත. මෙසේ පැමිණෙන ජනතාව අතරින් වයස්ගතවූ අය, රෝගී වූ අය, ගැබිනි මව්වරුන්, පාසල් සිසුන්, කුඩා ළමුන් සමග යන එන විශාල මගී ජනතාව බස් නැවතුම්පොළවල රැඳී සිටින්නේ බස් රථයක් පැමිණෙන තෙක්ය. මේ මගී ජනතාව අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් සිටින අතර වර්ෂාව පවතින අවස්ථාවල ඒ අසල කාගේ හෝ අගුපිලකට වී ඉන්නේ වැස්සෙන් හා අව්වෙන් බේරීමටය. එබැවින් මෙවැනි ජනතාවගේ පහසුව වෙනුවෙන් මාර්ගයේ සලකුණු කර ඇති බස් නැවතුම්පළවල් අසල ගොඩනැගිලි සාදා මගී ජනතාවගේ හිසට සෙවනක් ලබා දිය යුතුය.

උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගයේ සමහර බස් නැවතුම් ස්ථානවල පෞද්ගලික වියදමින් මියගිය අය සිහිවීම පිණිස ගොඩනැගිලි සාදා ඇත. වැඩිපුර ස්ථානවල කිසිදු ආවරණයක් නොමැත. විශේෂයෙන් ඇඹිලිපිටියේ සිට රත්නපුර දක්වා ප්‍රධාන මාර්ගයේ උඩවලව හන්දියේ රත්නපුර දෙසට තිබෙන බස් නැවතුමේ මේ තත්ත්වය පැහැදිලිවම දක්නට තිබෙන බවත් මේ අවශ්‍යතාවය පැහැදිලිවම දැකගත හැකි කරුණක් වනු ඇත. විශේෂයෙන්ම මේ ස්ථානයේ නිරන්තරයෙන්ම විදේශිකයින් පවා බස් රථයක් පැමිණෙන තෙක් සිටින අවස්ථා බොහෝය. මේ ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණෙන විශාල විදේශිකයින් පිරිසක් නිතරම සැරිසරන අතර සංචාරය නිමාකර පැමිණ බස් රථයක් බලාපොරොත්තුව සිටින්නේ මේ ස්ථානයේ බව සඳහන් කළ යුතු කරුණකි. සමහර බස් නැවතුම් ලකුණු කර ඇති ස්ථානවල වෙනත් වාහන නවතා තිබීම ද කනගාටුදායක තත්ත්වයකි. එබැවින් මේ ගැන වගකිවයුතු කුමන හෝ ආයතනයක් වෙත මගී ජනතාවගේ අවශ්‍යතාවය ඉටුකරදීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන්ගේ උප‍ෙදස් කඩිනමින් ලබා දෙන්නේ නම් තවත් විශාල ජනතාවකගේ අවශ්‍යතාවයක් ඉටුකිරීමක් වනු ඇත.

ඩබ්. ඒ. සිරිපාල
කොස්වැටිය,-පල්ලෙබැද්ද

 


නව අදහස දක්වන්න

Or log in with...