කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට චාරිකාවක් | දිනමිණ

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට චාරිකාවක්

නලින් දිල්රුක්ෂ

 
හබරණ මං සන්දියෙන් ත්‍රිකුණාමල මාර්ගයේ කිලෝ මීටර් 13ක් ගිය පසු හමුවන හතරැස් කොටුව හන්දියෙන් මින්නේරිය මාර්ගයේ කිලෝ මීටර් හතරක් පමණ ගමන් කරනවිට අපට කවුඩුල්ල ජාතික වන උයනේ පිවිසුම හමුවේ. 
මේ වන උයන ප්‍රසිද්ධියක් උසුලන්නේ එකවර අලි ඇතුන්  හාරසියයක් පමණ දැකගත හැකි අපුමරුම ස්ථානයක් ලෙසයි.
 
භුම් ප්‍රමාණයෙන් 2/3 ක් මුළුමනින්ම පාහේ වසරේ මාස කිහිපයක් ජලයෙන් වටවී පවතින ශ්‍රී ලංකාවේ එකම ජාතික උද්‍යානය ලෙස කවුඩුල්ල ජාතික උද්‍යානය හැඳින්විය හැකිය. 
 
මෙම වන උයනට වියලි කාලය එළැඹෙන වකවානුවේ  මේ අලි ගහනය අපට හොදින්ම දැකගත හැකිය. දහසකට වඩා අලි ඇතුන් මෙහි  වෙසෙන බව වනජීවි කාර්යාලය පවසනවා.
 
උතුරේ සිට විහිදෙන මුහුදු මට්ටමේ සිට  මීටර් 60 ත් 500ත්  දක්වාවූ කඳු ශිඛර   වලින් යුත් කඳු වැටියක්  මෙම උද්‍යානය තුළ බටහිර මායිමේ පිහිටා ඇත.  
නැගෙනහිරින් කවුඩුල්ල  ජලාශයෙන්ද, උද්‍යානය තුළ  යෝධ ඇළ දකුණු  මායිමේ සිට උතුරු මායිම දක්වා  විහිදී ඇත. 
 
ඊසාන දිග මෝසම්  වැසි වලින්  පෝෂණය වන කවුඩුල්ල ජාතික උද්‍යානයේ  වියළි කාල ගුණය වසරේ අප්‍රියෙල් මස සිය  ඔක්තෝබර් මස දක්වා පවතී. වාර්ෂික වර්ෂා පතනය මිලි මීටර් 1500 ත් 2000 ත් අතර වෙයි.  
 
වාර්ෂික  උෂ්ණත්වය සෙල් සියස් අංශක 20.6 සිට 34.5 ක් දක්වා  වෙනස් වෙයි.
 
මෙහි ජිවත් වන  සත්ත්ව විශේෂ අතර සිය ගනනක් අලි ඇතුන් සේම , ගෝනා, තිත් මුවා , කුළු මීහරකා,මීමින්නා,  හාවා යන සත්ත්ව විශේෂ ප්‍රධාන තැනක් ගනී. මාංශ භක්ෂකයින් වන කොටියා , කොළ දිවියා, හඳුන් දිවියා, වල් බළලා   සහ නරියා  යන සත්ත්ව විශේෂ අපට දැක ගත හැකිය.

නව අදහස දක්වන්න