ජෛව විවිධත්වයට හානිවන අන්දමින් කටයුතු කරන අයට නීතිමය පිවයර | දිනමිණ

ජෛව විවිධත්වයට හානිවන අන්දමින් කටයුතු කරන අයට නීතිමය පිවයර

චන්ද්‍රිකා පෙරේරා

කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක්, ආයතනයක් මගින් ජෛව විවිධත්වයට හානියවන අන්දමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව, සිවිල් සංවිධාන සමඟ එක්ව අදාළ පාර්ශයට විරුද්ධව නීතිමය පිවයර ගැනීම මින් ඉදිරියට කඩිනම් කර තිබේ.

වන සතුන්, වෘක්ෂලතා, ජලපෝෂක ප්‍රදේශවලට මෙන්ම හා සෞඛ්‍යට ගැටලු ඇතිවන කාර්යයන් සිදු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අදාළ පාර්ශව සමඟ සාකච්ඡාකර විසඳීමට හෝ එසේ විසඳුම් නොලැබෙන අවස්ථාවලදී නඩු පැවරීමට ද මේ අනුව කටයුතු කෙරේ.

ඒ අනුව සීමාසහිත පාරිසරික පදනම මෙම ගැටලු සම්බන්ධයෙන් පොදු ජනතාව වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මකව සිටින අතර මෙවැනි සිද්ධි සම්බන්ධ නඩු 200කට අධික සංඛාවක් පවරා ඇති බව සීමාසහිත පාරිසරික පදනමේ නීතිවේදිනී අනුෂ්කා ගුණරත්න මහත්මිය පැවසීය. එවැනි ගැටලුවක් විසඳා ගැනීම සඳහා මේ වන විට විල්පත්තු වන සංරක්ෂිතයේ ස්ථානක අනවසරයෙන් ස්ථිර ආගමික ස්ථානයක් ඉදිකර උත්සව පැවැත්වීමෙන් සිදුවන ජෛව විවිධත්ව හානියට විරුද්ධව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව මෙම 12 වැනිදා විවාදයට ගැනීමට නියමිත බවද ඇය සඳහන් කළාය. ධීවර කර්මාන්තයේ යෙදුණු තාවකාලිකව පැමිණි ධීවරයින් අනවසරයෙන් එම ස්ථානයේ කුඩා පිළිමයක් තබා වැඳුම් පිදුම්කර ඇති අතර පසුගිය යුද තත්ත්වයෙන් පසු එම ස්ථානය එළපෙහෙළිකර ස්ථිර ගොඩනැඟිලි සාදා වාර්ෂික ආගමික උත්සව පැවැත්වීම හේතුවෙන් පාරිසරික හානියක් සිදුවන බවට මෙම නඩුව පවරා තිබෙන බව නීතිවේදිනී අනුෂ්කා ගුණරත්න මහත්මිය පැවසීය. ඇහැටුව ප්‍රදේශයේ නීති විරෝධී විදුලි වැටක් ඉදිකරමින් අලි ගමන්කරන මාර්ල අවහිර කිරීමක් සම්බන්ධයෙන් ද නඩුවක් පවරා තිබෙන බවත් මීට අමතරව මහජන උපයෝගිතා සම්බන්ධයෙන් අහිතකර බලපෑම් කොමිසමක් පත්තකර මෙවැනි අහිතකර දේ අවමකර ගැනීමට බලපෑම් අවමකිරීමේ ගිවිසුකමකට ඒමට මෙම වසරේදී හැකි වුනු බව ගුණරත්න මහත්මිය පෙන්වා දුන්නාය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉකුත් දා පැවැති විශේෂ හමුවේදී ඇය එම අදහස් පළකළාය.

නව අදහස දක්වන්න