ජන බලය අවසන් වුණේ අරක්කු වසන්තයකින් | දිනමිණ

ජන බලය අවසන් වුණේ අරක්කු වසන්තයකින්

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

ජනබල මෙහෙයුමට එක්වූ ජනතාව කල් ඉකුත්වූ කිරිපැකට් බී රෝහල්ගත වනවිට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ෂැංග්‍රිලා හෝටලයේ සව්දිය පිරූ බව කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මූජීබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය.

ජනබල මෙහෙයුමට එක්වූ ජනතාවට සිරින්ජරයක් විස එන්නත් කළ කිරිපැකට් මූජීබර් රහුමාන් මහතා විසින් ලබාදුන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

යමක් ලබා දෙනවානම් එය ඉදිරියට පැමිණ ලබාදෙනවා මිස සැඟවි සිටිමින් කිසිඳු ක්‍රියාවක් තමන් සිදු නොකරන බවත් මුජීබර් රහුමාන් මහතා සඳහන් කළේය.

මුජීබර් රහුමාන් මහතා - එක් රැයකින් රට අල්ලනවා කියමින් අරාබි වසන්තය ඇති කරන්නට ගිය ඒකාබද්ධ විපක්ෂය අරක්කු වසන්තයකින් ලැජ්ජා සහගතව තම ව්‍යාපාරය අවසන් කළ බවත් සඳහන් කළේය.

ජන බලය සඳහා කොළඹට ලක්ෂයක් ගේනවා කිව්වා. කොළඹ පෙරළනවා කිව්වා. ඒ කිව්ව එකක්වත් වුණේ නැහැ. ජන බලය සංවිධානය කළ අය සටන්කරුවන් කියලා අපි හිතුවේ. නමුත් එහෙම එකක් නැහැ. සටන්කරුවන් නම් ඔවුන් පසුවදා සිටිය යුත්තේ හිරගෙවල්වල. ඔවුන් හිටියේ හිරගෙවල්වල නොව බීලා පාරවල්වල වැටිලා. ජන බලයට පැමිණි අයට කල් ඉකුත් වූ කිරි පැකැට් දීලා අපි එන්නත් විද්දා කියලා කියනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඔවුන්ගේ දේශපාලනය බංකොලොත් වෙලා. එය නපුංසක ව්‍යාපාරිකයන්ගේ සටනක් කියලා පෙන්නුවා. එළිවෙනකන් ඉන්න ආවේ. නමුත් රාත්‍රි නවය දහය වෙන කොට ගියා. ඔවුන් කොළඹට පැමිණියේ අරාබි වසන්තය කරන්න. අරාබි වසන්තය කරන්නේ කොහොමද කියලා අපෙන් අහ ගන්න.

මහින්දානන්ද අලුත්ගමගෙ මහතා- මුජිබර් රහුමාන් මහතා කිරිපැකට් වලට වස දාලා දුන්නා.

අපි එදා මොකුත් කළේ නැහැ. කොළඹ ජනතාව මේ ගොල්ලොන්ට මොනව හරි කළානම් පෑලියගොඩින් මෙහාට එන්න වෙන්නේ නැහැ.

නව අදහස දක්වන්න