මහින්ද පන්සල්වලට මුවා වෙලා ඥාතීන්ට අලි පූජා කළා | දිනමිණ

මහින්ද පන්සල්වලට මුවා වෙලා ඥාතීන්ට අලි පූජා කළා

විජයානි එදිරිසිංහ

පසුගිය රජය කාලයේදි සන්නස් පත්‍ර මගින් පන්සල්වලට අලි ලබා දෙන මුවාවෙන් හිටපු ජනාධිපතිවරයා‍ගේ ඥාති හිතවතුන්ට අලි ලබා දි ඇති බව ප්‍රාදේශිය සංවර්ධන සහ වනජිවි ඇමැති, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

මේ අනුව සන්නස් පත්‍ර මගින් ලබා දුන් අලි අතරින් අලි පස් දෙනකු ලබා දි ඇති පුද්ගලයන්ගේ විස්තර මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ඇමතිවරයා කියා සිටියේ කතරගම දේවාලයට ලබා දෙන බව පවසා හිටපු මහ ඇමතිවරයකු වු ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ නමට එක් අලියකුද, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් තවත් අලියකුද, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාවු කැප්ටන් නෙවිල් නැමැත්තාට තවත් අලියකුද දැනට ඉතාලියේ සිටින ජනාධිපතිවරයාගේ ඥාතියකු බව කියන උපාලි දිසානායක යන අයට තවත් අලියකුද වශයෙන් අලි පස්දෙනකු සන්නස් පත්‍රවලින් ලබා දි ඇති බවයි.

මේ වන විට අලි හා සම්බන්ධ නඩු 17ක් තිබේ නඩු නොදා අලි පැමිණිලි පහක් තවමත් නිතිපතිවරයා ළඟ තිබෙන බවද ඇත. අලි රොෂාන් නැමැත්තා පසුගිය කාලයේදි කැලයට ගොස් බලහත්කාරයෙන් අලි පැටවු මවගෙන් පැහැර ගෙන විත් විකිණිමේ ජාවාරමද කර ගෙන යාම හා සම්බන්ධ තොරතුරුද අමාත්‍යවරයා මේ අවස්ථාවේ පෙන්වා දුන්නේය‍

නව අදහස දක්වන්න