එන්ට්‍රස්ට් හිටපු අධ්‍යක්ෂ ඉසිර අත්අඩංගුවට ගන්නැයි නියෝග | දිනමිණ

එන්ට්‍රස්ට් හිටපු අධ්‍යක්ෂ ඉසිර අත්අඩංගුවට ගන්නැයි නියෝග

සුභාෂිණී සේනානායක

එන්ට්‍රස්ට් සිකියුරිටීස් පුද්ගලික සමාගම ඉකුත් පාලන සමයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඉසිර ධර්මප්‍රිය මෙන්ඩිස් යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (07) නියෝග කළාය.

මහින්ද රාපක්ෂ පාලන සමයේ අර්ථසාධක අරමුදල් උපයන ලද වේතන වශයෙන් හිමිවිය යුතු මුදලින් රුපියල් එක්කෝටි හතළිස් දෙලක්ෂ විසි නම දහස් දෙසිය හතළිස් තුනයි ශත අනූ අටක මුදලක් ගෙවීමේ වගකීම එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වශයෙන් ඒ මහතා පිළිගැනීම සිදු කළද නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කරන බව ප්‍රකාශ කළාය.

පෙර දින නඩුව කැඳවන අවස්ථාවේද සැකකරු අධිකරණයේ පෙනී නොසිටි බව ද එදිනට අදාළව නොපැමිණීම තහවුරු කර නැති බව ද කී මහේස්ත්‍රාත්වරිය සැකකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙස නියෝග කළාය. එමෙන්ම මේ සිද්ධියට අදාළව එම සමාගමේ සිද්ධියට අදාළ පළමු සැකකරු එහි වගකීම පිළිගැනීම හේතුවෙන් එහි

අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ චානුක උපේන්ද්‍ර රත්වත්තේ නමැති සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් තාවකාලිකව මුදා හැර ඇත.

රජය ඇතුළු වෙනත් පුද්ගලයන්ගේ මුදල් ආයෝජිත සමාගමක් වන එන්ට්‍රස්ට් සමාගම වෙනත් පුද්ගලයන් සහ සමාගම් එම සමාගමේ ආයෝජනය කළ මුදල් අවභාවිත කර ඇති බවත් විදුලි බල මණ්ඩලය විශ්‍රාම අරමුදල සහ අර්ථසාධක අරමුදල රුපියල් මිලියන 2558ක් ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ක්‍රියාකාරී ගනුදෙනුකරුවන් 350ක් පමණ ආයෝජනය කළ මුදල් එන්ට්‍රස්ට් සමාගම ලබා ගෙන ඇතත් එම මුදල් මහ බැංකුවේ තැන්පත් කර නැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

නව අදහස දක්වන්න