නීලපොළ වැලි තොටුපොළේ බෝට්ටු 32කට ගිනි තියලා | දිනමිණ

නීලපොළ වැලි තොටුපොළේ බෝට්ටු 32කට ගිනි තියලා

සේරුනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් නීලපොළ තීත්තන්චෙට්ටි මහවැලි ගඟ ආශ්‍රිත වැලි තොටුපොළේ වැලි ගෙඩදමන ලද 28 දෙනකුට අයත් බෝට්ටු 32කට ඊයේ (7) අලුයම 3ට පමණ ගිනි තබා විනාශ කොට ඇතැයි සේරුනුවර පොලිසිය පැවැසීය. මේ තොටුපොළ වැලි ගොඩ දැමීම සඳහා සේරුවිල ප්‍රදේශයේ දැනට පවතින ප්‍රධානම තොටුපොළ වන අතර, දිනකට තුන් හාරසියයකට වඩා වැඩි පිරිසක් ද ගැවසෙන බවත්, ඔවුන්ගේ පහසුව සඳහා කුඩා තේ කඩ පවා ස්ථානගත කොට ඇති බවත් දැන ගන්නට ඇත.

සිද්ධිය කවුරුන් සිදු කළේද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි

නව අදහස දක්වන්න