විජයකලාට නඩු පවරන්නැයි පොලිස්පතිට උපදෙස් | දිනමිණ

විජයකලාට නඩු පවරන්නැයි පොලිස්පතිට උපදෙස්

හිටපු රාජ්‍ය ඇමතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දරට නියෝග කර තිබේ.

නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත්තේ ඇය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඊට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍යවරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (ආ) වගන්තිය උල්ලංගණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද අභියාචනාධිකරණයට අධිචෝදනා පත්‍ර ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය දා යාපනයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ උතුරු හා නැගෙනහිර පළාත්වල යළි එල්.ටී.ටී.ඊ, සංවිධානය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි.

 

නව අදහස දක්වන්න