11 වන ආසියානු දැල් පන්දු ශුරතාවලිය ශ්‍රි ලංකාවට | දිනමිණ

11 වන ආසියානු දැල් පන්දු ශුරතාවලිය ශ්‍රි ලංකාවට

11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. 

ඒ අවසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින්.

ශී‍්‍ර ලංකාව අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවක් දිනා ගත්තේ 2009 වසරේදීයි.

මේ දක්වා පවත්වා ඇති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලි 11 න් අවස්ථා 09 කදීම ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට පිවිසියේය.

ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවන් ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනා ගත්තේ වසර 09කට පසුව වන අතර ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් 05 වන අවස්ථාව වීම ද විශේෂත්වයක්.

ජාතික දැල්පන්දු පුුහුණුකාරිනී තිලකා ජිනදාස සිය ධුරය භාර ගැනීමෙන් මාස 07ක් ඇතුළත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් මෙලෙස දක්ෂතා දැක්වීම කැපී පෙනුණි.

නව අදහස දක්වන්න