කළුතෙල් මුසු වී වෙරළ තීරයේ ජනයාට දැඩි බලපෑම් | දිනමිණ

කළුතෙල් මුසු වී වෙරළ තීරයේ ජනයාට දැඩි බලපෑම්

මුතුරාජවෙල බෝයාවේ නළයක ඊයේ අලුයම සිදු වූ කාන්දුව හේතුවෙන් මුහුදට මුසු වූ කළුතෙල් පැතිරීමෙන් උස්වැටකෙයියාව සිට ජා-ඇළ පමුණුගම වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
 
නාවික හමුදාව පවසන්නේ, මුහුදට මුසු වී ඇති තෙල් ඉවත් කිරීමේ කටයුතු 300 ක පමණ නාවික භට පිරිසක් විසින් අඛණ්ඩව සිදු කෙරෙන බව ය.
 
නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ, ඒ සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා දෙකක් සහ නාවික හමුදා යාත්‍රා අනියුක්ත කර ඇති බවයි.
 
වෙරළාශ්‍රිත බලකාය, නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා ශ්‍රී ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගම මෙම කටයුත්ත සඳහා දායක වී සිටියි.
 
මේ අතර කළුතෙල් ටොන් 10 ක් පමණ තල්දියවත්ත සහ උස්වැටකෙයියාව ඇතුළු මුහුදු ප්‍රදේශවලට මුසුව ඇතැයි සදහන්.
 
කෙසේ වෙතත් ඉන් දැවිතෙල් බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් නැති බවයි පැවසෙන්නේ.

නව අදහස දක්වන්න