අගමැති සුබ පතයි | දිනමිණ

අගමැති සුබ පතයි

ආසියානු නෙට්බෝල් කිරුළ දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට හා එහි කළමනාකාරිත්වයට සුබ පැතුම් එක්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කටයුතු කළේය. නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනී ට්‍රික්සි නානායක්කාර මහත්මියට දුරකථන ඇමතුමක් ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සතුට පළ කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට ගමන් කිරීමේදි මෙවැනි ජයග්‍රහණ අතිශය වැදගත් වන බව ප්‍රකාශ කළ අගමැතිවරයා කියා සිටියේ ක්‍රීඩා ආර්ථිකයක් ලෝකය පුරා වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවත් ඊට එක්වීමට මෙවැනි ජයග්‍රහණ තවදුරටත් ඉවහල්වන බවත්ය.

නව අදහස දක්වන්න