රුපියල් ලක්ෂ 960ක වියදමින් මාර්ග දෙකක් සංවර්ධනය කෙරේ | දිනමිණ

රුපියල් ලක්ෂ 960ක වියදමින් මාර්ග දෙකක් සංවර්ධනය කෙරේ

වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශයට අයත් කිරිමැටියාන ජෙරාඩ් මාවත හා ලුණුවිල සිරිගම්පල දේවස්ථාන මාර්ගය යන මාර්ග දෙක රුපියල් ලක්ෂ 960 ක වියදමින් කාපට් අසුරා සංවර්ධන කිරීමේ කටයුතු රජය මේවනවිට ආරම්භ කර තිබේ.

මෙම සංවර්ධන යෝජනා ක්‍රම දෙකට අයත් දුර ප්‍රමාණය කිලෝ මීටර් 05 කට ආසන්නවේ. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට සමගාමිව මෙම සංවර්ධන කටයුතු සිදුවන අතර එම කටයුතු මාස 02 ක පමණ කාලයකින් නිමාවට පත්කිරීමටද බලාපොරොත්තුවේ.

අදාල කොන්ත්‍රාත් කටයුතු බාරව ක්‍රියාකරනුයේ වී.වීකරුණාරත්න සමාගම වන අතර එම සමාගමට අයත් ඉංජිනේරුවන් හා තාක්ෂණ නිලධාරින් එම කටයුතු ඉතා කාර්යක්ෂම අන්දමින් කරගෙනයාම සම්බන්ධව ජනතාව යහපාලන රජයට සිය කෘතඥතාවය පුදකර සිටිති.

2020 වසර වනවිට වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශයට අයත් මෙතෙක් කාපට් යොදා සංවර්ධනය නොවූ සියලුම මාර්ග සංවර්ධනය කොට ජනතා අයිතියට පත්කිරීම ජනපති ප්‍රමුඛ රජයේ අරමුණවී ඇති හෙයින් මාර්ග සංවර්ධන කටයුතු සදහා රජය ප්‍රමුඛත්වයක් ලබාදී තිබේ.

ලුණුවිල - ආර් - ප්‍රනාන්දුපුල්ලේ

නව අදහස දක්වන්න