වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් | දිනමිණ

වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍ය සායනයක්

වත්තල ප්‍රාදේශීය බලප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි බලමණ්ඩලයේ සභාපති ආනන්ද මහගමආරච්චි මහතාගේ සහ නිලධාරි මණ්ඩලයේ සංවිධානයෙන් ජ්‍යෙෂ්ඨ වැඩිහිටි සාමාජිකයන් සඳහා විශේෂ වැඩසටහනක් හැඳල කෙරවළපිටිය බැප්ටිස් දේවස්ථාන උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙදින සියලුම සාමාජික සාමාජිකාවන්ගේ රුධිර පරීක්ෂණයන් නොමිලේ සිදු කළහ. තවද විශේෂයෙන් විශේෂ වට්ටම් සහිතව ඖෂධ ලබාගැනීම, රසායනාගාර සේවයන් ලබාගැනීම සඳහා අදාළ ආයතන දැනුවත්කර ඒ සදහා සාමාජිකයින්ට කාඩ්පතක් නිකුත් කළහ. රාගම රෝහලේ වැඩිහිටි මානසික රෝග පිළිබඳ වෛද්‍ය මාදවි ‍ෆොන්සේකා මහත්මිය වැඩිහිටියන්ගේ දින චර්යාව පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වූවාය. වැඩිහිටියන්ගේ රුධිර පීඩනය හා රුධිර පරීක්ෂාවන් සිදුකිරීම මෙම ඡායාරූපයෙන් දැක්වේ.

පමුණුගම සමූහ ඩී. එන්. බී. කිරිහෙට්ටි
ඡායාරූපය - පමුණුගම සමූහ 

නව අදහස දක්වන්න