කි.ග්‍රෑම් 284ක කේරළ ගංජා තොගය නාවික හමුදාව අතට | දිනමිණ

කි.ග්‍රෑම් 284ක කේරළ ගංජා තොගය නාවික හමුදාව අතට

උපාලි කරුණාරත්න

මෙම වර්ෂයේ මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සොයාගත් වැඩිම කේරල ගංජා තොගය වන කිලෝ ග්‍රෑම් 284.05ක ප්‍රමාණය පසුගියදා(07) ඉරණතිව් දුපතට ගිනිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.

මෙහි වටිනාකම මිලියන 30 ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් තුනකට අනුයුක්ත නාවිකයන් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී පසුගිය 07 දින මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ. මෙම වර්ෂය තුළ නාවික හමුදා අත්අඩංගුවට පත් කේරල ගංජා ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1655ක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 07 දින අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඇසුරුම් 95 ක බහා තිබී ඇති අතර, විකිණීම සඳහා මෙලෙස මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට නාවික හමුදාව සැක පළ කෙරේ. එම ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලන්කාවිල්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.


නව අදහස දක්වන්න

Or log in with...