අලූතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව | දිනමිණ

අලූතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව

සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ එක හමාරකට අලූතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (07) පස්වරුවේ පොළාන්නරුව රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජය අමාත්‍ය රංජන් රාමනායක, අමාත්‍යාංශයේ ලේකම් ශිරානි වීරකොන්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.පී. අබේවර්ධන. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ. ඡායාරූපය : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න