මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා | දිනමිණ

මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (08) දා මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. උන්වහන්සේලා දෙනම වෙත අටපිරිකර පිළිගැන්වූ අග්‍රාමාත්‍යවරයා රටේ වත්මන් ‍ෙද්ශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත විය.

ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් ගෙඩිගේ රජමහා විහාරයේදී බැහැදැක අටපිරිකර පිළිගැන් වූ අතර එහිදී අස්ගිරි අනුනාහිමියන්ගේ පැවිදි දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ලියන ලද ගල්පිළිමය ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයා වෙත අනුනාහිමියන් විසින් ලබාදෙන ලදී.

පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව රාජකීය පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ සුවදුක් විමසා බැලීමටද අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.

ඡායාරූප : තිලක් පුෂ්පකුමාර සේනානායක

නව අදහස දක්වන්න