ජනබල විරෝධය අසාර්ථක වුවත් මාධ්‍යයේ ඒ ගැන විවේචන නෑ | දිනමිණ

ජනබල විරෝධය අසාර්ථක වුවත් මාධ්‍යයේ ඒ ගැන විවේචන නෑ

අගමැති පුත්තලමේදී කියයි

කොළඹ පැවති ජනබලය විරෝධතාව අසාර්ථක වුවද ඒ පිළිබදව මාධ්‍යයේ කිසිදු විවේචනයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය

පෙරේදා ( 08 ) හලාවතදී පැවති එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික්ක බල මණ්ඩල රැස්විම අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පස් වන දා පැවති ජන රැළිය මාධ්‍ය විසින් විශාල බලවේගයක් ලෙස පෙන්නුවා.

පසුව මාධ්‍ය විසින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරමින් සිටිනවා. රැලියට ආව ජනතාව මහා පාරේ දුක්විඳිද්දී නායකයෝ ටාජ් හෝටලයේ කාමර කීපයක් හා ෂැන්ග්‍රිල්ලා හෝටලයෙන් කාමර 20 ක් ගත්තා.

පළමු ඇමති කණ්ඩායම දිවුරුම්දුන් පසු එම ස්ථානයේ ඉන්නත් සැලසුම කළා. අවසානයේ අපි බලයේ. නමුත් අසාර්ථක උද්ඝෝෂණයක් කළේ යැයි මාධ්‍ය මඟින් ඔවුනට චෝදනා කරන්නේ නැහැ.ජනතා මතය මොකද්ද කියල ඒ අය තාම තේරුම් අරන් නැහැ. අපි ජනතා මතය අවබෝධ කර ගත්තා 2015 දි අපි එය ඉෂ්ඨ කරන්න පොරොන්දු දුන්නා.

අපි දැන් ඒ වැඩ කටයුතු කළ යුතුයි. නොකලොත් අපෙනුත් ජනතාව ඈත් වෙයි. අපි ඒ ජන්දය නැවත ලබා ගත යුතුයි. අපි වැඩ කරලා තියනවා. සමහර දේ අපි ඉතා හොඳින් කරලා තියනවා. ප්‍රජාතන්ත්‍රවාදය හොඳට තහවුරු කරලා තියෙනවා. දැන් මාධ්‍යයෙන් බනින්නේ අපිට විතරයි.

ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ

 

 

නව අදහස දක්වන්න