බන්ධනාගාර අක්‍රමිකතා නැවැත්වීමට සිංගප්පුරු සහාය | දිනමිණ

බන්ධනාගාර අක්‍රමිකතා නැවැත්වීමට සිංගප්පුරු සහාය

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා සිංගප්පුරුවේ කළ සංචාරය අතරතුරදී එරට ස්වදේශ කටයුතු ඇමැති හා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ලේකම් (පොලිස් හා බන්ධනාගාර ) අම්රීන් අමීන් මහතා හමු විය.

දෙරට අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම පිළිබදව එහිදී අදහස් හුවමාරු වු අතර වත්මන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙළ අගය කරන බව සිංගප්පුරු ස්වදේශ කටයුතු ඇමැතිවරයා මෙහිදි සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන හා අනෙකුත් කටයුතු සදහා තම රජයේ උපරිම සහාය ලබා දෙන බව ද සිංගප්පුරු ස්වදේශ කටයුතු ඇමැතිවරයා මෙහිදී සදහන් කර තිබේ..

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නීතිමය ප්‍රතිසංස්කරණ මෙන්ම බන්ධනාගාර කටයුතුවලදී සිංගප්පුරුවේ සහාය අවශ්‍ය බව ද ඇමැතිවරිය මෙහිදී සදහන් කරන ලදි.

මෙරට බන්ධනාගාර කටයුතු සදහා නවීන තාක්ෂණය යොදා ගැනීම සිරකරුවන්ගේ සුබ සාධනය බන්ධනාගාරවල සිදුවන අක්‍රමිකතා අවම කිරීම වැනි කටයුතුවලදී සිංගප්පුරුව ගෙන යනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබදව දීර්ඝ අවබෝධයක් එරට ස්වදේශ කටයුතු ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ලබාගත් බව ඇමැතිනිය පවසයි.

මෙම අවස්ථාවට සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් වීරරත්න මහ කොමසාරිස් කාර්යාලයේ චන්ද්ර් දාස් යන මහත්වරුන් ද එක් විය.

බුද්ධිකා ඉඹුලාන

 


නව අදහස දක්වන්න

Or log in with...