මුතුරාජවෙල කාන්දු වූ තෙල් ඉවත් කිරිම අද දිනයේදීත් | දිනමිණ

මුතුරාජවෙල කාන්දු වූ තෙල් ඉවත් කිරිම අද දිනයේදීත්

තෙල් කාන්දුවෙන් අපවිත්‍රවී ඇති මුතුරාජාවෙල වෙරළ තීරය පවිත්‍ර කිරීම අද(10) දිනයේත් සිදු කරන බව නාවික හමුදාව පවසයි
 
වෙරළේ මෙන්ම මුහුදේ නාවික සැතපුමක් දුරට විසිර තිබූ බව වාර්තා විය. මුහුදේ සිට මුතුරාජවෙල ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ගෙන යන නලයක සිදුවූ කාන්දුවකින් මෙම තත්වය හට ගැණුනි. මුතුරාජවෙලට ඉන්ධන ගෙනයන නලය වසර 60කට වඩා පැරණි බව සදහන් වේ. 
 
තෙල් කාන්දු වූ නලය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය. මේ සඳහා නව නල එලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතින බව ඛනිජ තෙල් අමාත්‍යාංශය සදහන් කළේය.
 
ඉන්ධන ටොන් 30කට ආසන්න ප්‍රමාණයක් මුහුදු ජලය සමග මිශ්‍රවීම නිසා, වෙරළ තීරය දැඩි ලෙස අපවිත්‍රවී තිබේ. උස්වැටකෙයියාව, තල්දියවත්ත ප්‍රදේශයේ කිලෝ මීටර දෙකක පමණ වෙරළ තීරයට මෙමගින් බලපෑම් එල්ල වී ඇත. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව, යුද හමුදාව එක්ව තෙල් ඉවත් කිරීමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළේය. 300කට වැඩි පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටියහ.
 
තෙල් ඉවත් කිරීම සඳහා ඉන්දීය රජයෙන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ නෞකාව ද යොදා තිබේ.
 
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ක්ෂණිකව ක්‍රියාත්මකවීම තුළින්, පරිසරයට සිදුවීමට ගිය විශාල හානියක් අවම කර ගැනීමට හැකියාව ලැබුණි. දින 3ක් ඇතුළත වෙරළතීරය පවිත්‍ර කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකි වෙතැයි, නාවික හමුදාව සදහන් කළේය.
 

නව අදහස දක්වන්න

Or log in with...