ගෝඨාභයට ඇතුළු 07කට ඇප - UPDATE | දිනමිණ

ගෝඨාභයට ඇතුළු 07කට ඇප - UPDATE

රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහි නඩුව අද කැඳවනු ලැබිණි.

ඒ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ.

එහි ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් නියෝග කළේ, රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමටයි.

එම නඩුව ලබන 09 වන දා යළි කැඳවීමට නියමිතයි.

ගෝඨාභය අද විශේෂ මහාධිකරණයට - UPDATE

විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරනු ලැබූ දෙවන නඩුව අද (10) සම්පත් විජේරත්න,සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනා අද (10) එම අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

නව අදහස දක්වන්න