සිය දිවි හානිය - ලංකාවේ බැරෑරුම් සෞඛ්‍ය ගැටළු | දිනමිණ

සිය දිවි හානිය - ලංකාවේ බැරෑරුම් සෞඛ්‍ය ගැටළු

සිය දිවි නසා ගැනීම් සහ ඊට තැත් කිරීම ශ්‍රී ලංකාවේ බැරෑරුම් සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරනු ලැබේ. 
 
වාර්ෂිකව 3000කට අධින ප්‍රමාණයක් ශ්‍රී ලංකවේ සිය දිවි නසා ගන්නා බව අනාවරණය වී ඇත. 2017 වසරේ වාර්තාවලට අනුව පිරිමින් 2586ක් සහ කාන්තාවන් 677ක් සිය දිවි නසාගෙන තිබේ. පසුගිය වසර තුනට සාපේක්‍ෂව 2017 වසරේ දී සිය දිවි නසා ගැනීම් වැඩියෙන්ම වාර්තා වී ඇති අතර ඒ අතරින් වැඩි ප්‍රමාණය පුරුෂ පාර්ශවයයි.
 
සිය දිවි නා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට (10) යෙදී ඇත. ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මේ බව පැවසීය. 
 
සිය දිවි නසා ගත් අය අතරින් සියට 19ක් විවාහ ජීවිතයේ ගැටළු සහ පවුල් ප්‍රශ්ණවලට මුහුණ දී සිටි අය බව ද සදහන් වේ. සියයට 11.6ක් දරුණු, කල් පවත්නා රෝග සහ ආබාධිත තත්ත්වයන්ට ගොදුරු වී සිටියහ. සියයට 10ක් මානසික රෝග සහ ආබාධවලට ලක්වූ අයයි. සියයට 35.18ක් හෙවත් සිය දිවි නසා ගන්නා අය අතරින් තුනෙන් එකක ප්‍රමාණයක් සිය දිවි නසා ගැනීමට බල පෑ කරුණු නිශ්චිත නොවේ. 
 
කෙසේ වෙතත් කිසිඳු ගැටළුවක් හමුවේ සිය දිවි නසා ගැනීම මිනිසකු ලෙස නොකළ යුතු අතර ගැටළුවලට මුහුණ දීම වඩා වැදගත් බව අවධාරණය කළ යුතුව ඇත. වඩා වැදගත් වන්නේ මිය යාම නොව ජීවත්වීමයි.
 
මේ අතර සිය දිවි නසා ගැනීම් වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් එළිදැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වේ. එය සැප්තැම්බර් 12වනදා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයනේ ශ්‍රී ලාංකීය මාධ්‍ය වෙත හඳුන්වාදීමට නියමිත ය. 
 
 

නව අදහස දක්වන්න