දකුණු සුඩානයේ ගුවන් අනතුරකින් 19ක් මරුට | දිනමිණ

දකුණු සුඩානයේ ගුවන් අනතුරකින් 19ක් මරුට

දකුණු සුඩානයේ සිදු වූ ගුවන් අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
 
අනතුරට පත්ව ඇත්තේ, එරට අභ්‍යන්තර ගුවන්යානයකි. ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. අනතුර සිදුවන අවස්ථාවේ යානය, එරට ජුබා අගනුවර සිට ඉරෝල් නුවර දක්වා පියාසර කරමින් තිබුණි.
 
ඒ වන විට යානයේ මගීන් 23ක් සිටි බව, බලධාරීන් පවසයි. අනතුර සිදුව ඇත්තේ යානය ගුවන් ගත කර සුළු මෙහොතකට පසුවය. එය කඩා වැටී ඇත්තේ ගුවන් තොටුපොළ ආසන්නයේ තිබූ විලකටය.
 
උගන්ඩා හා ඉතියෝපියානු වැසියන් ද අනතුරින් මියගොස් තිබේ. යානයේ ගමන් ගත් දරුවන් තිදෙනාගේ තත්වය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

නව අදහස දක්වන්න