ඉවත දමන අසු­ර­න­යෙන් අලං­කාර නිමැ­වු­මක් | දිනමිණ

ඉවත දමන අසු­ර­න­යෙන් අලං­කාර නිමැ­වු­මක්

පලතුරු, බිත්තර සහ එළවළු අසුරන කියන්නේ, අපි ඉවත දමන ද්‍රව්‍යයක්. ඉන් කිහිපයක් එකතු කර ගත්තොත්, බිත්ති රාමුවක් නිර්මාණය කර ගන්න පුළුවන් කියලා බොහෝ දෙනාට නොසිතෙන්න පුළුවන්. අපි ඒ වගේ නිර්මාණයක් කර ගන්න නම්, එවැනි අසුරන කිහිපයක් එකතු කර ගන්න ඕනෑ. එම අසුරනය උපයෝගී කරගෙන, බිත්ති රූපයක, කණ්ණාඩියක වගේ දෙයක සකසා ගත හැකි, රෝස මල් අලවා අලංකාරවත් කර ගත හැකි නිර්මාණයක් පිළිබඳයි මේ.

එම අසුරනයේ ගැඹුරු කොටස වටේට කපලා, පෙති පහක් වෙන් වෙන්න කපා ගන්න. මැද කොටස ඉතිරි කරන්න. මේ මල් එක මත එක තබමින් අලවා ගන්න. දැන් දන්නෙම නැතිව රෝස මලක් නිර්මාණය වෙලා ඇති. අදාළ රාමුව වටා, මේ මල් එකින් එක අලවා ගන්න. මේ නිර්මාණය වඩාත් ලස්සන කර ගන්න වර්ණ තවරා ගැනීම ඔබේ කැමැත්ත අනුවම කර ගන්න. අඩුම වියදමකින්, ලස්සන නිර්මාණයක් දැන් ඔබේ ඉදිරියේ තියනව නේද?

 

 

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න