ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු බ්‍රෙඩ් එග් ක්විෂ් | දිනමිණ

ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු බ්‍රෙඩ් එග් ක්විෂ්

 අවශ්‍ය ද්‍රව්‍ය

ප්‍රංශ පාන් ( ප්‍රෙන්ච් බ්‍රෙඩ්) ගෙඩියක්

යෝගට් මිලි ලීටර් 50යි

චෙඩා චීස් ග්‍රෑම් 100යි

බිත්තර 03යි

ලූණු ගස් 03යි

රතු බෙල්පෙපර් ගෙඩි 1/2යි

කහ බෙල්පෙපර් ගෙඩි 1/2යි

බටර් මේස හැඳි 02යි

බැදගත් කුකුල් මස් (කොටු කපාගත්) කොප්ප 1/2යි

තම්බාගත් අල අවශ්‍ය පමණ

ලුණු, ගම්මිරිස් රස පදමට

 

සාදන ක්‍රමය

මුලින්ම පාන් පෙතිවල දෙපැත්තෙම බටර් ගා පසෙකින් තබා ගන්න. දැන් භාජනයකට බිත්තර, යෝගට් සහ ලුණු , ගම්මිරිස් රස පදමට එක්කර, හොඳින් මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය පාන් කැබැලි මත වත්කර, මැද පොඟවා ගන්න. දැන් තම්බාගත් අල, පාන් පෙති මත තවරා, ඒ මතට චීස්, කුකුල් මස් කැබැලි, බෙල් පෙපර් සහ ලූණු ගස් කැබැලි එක් කරන්න. එලෙස සකසාගත් පාන් පෙති, තෙල් කඩදාසි එලාගත් තැටියක දමා, සෙන්ටිග්‍රේට් අංශක 170 උෂ්ණත්වයට උණුසුම් කරගත් උඳුනක මිනිත්තු 15ක් බේක් කර ගන්න.

 

උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා සුජාතා ජයරත්න

 කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න