උද්යෝගිමත් ජීවිතයකට ක්‍රීඩාව අවශ්‍යයි | දිනමිණ

උද්යෝගිමත් ජීවිතයකට ක්‍රීඩාව අවශ්‍යයි

සත්‍යය ඝෝෂාකාරී නොව බවත් සත්‍යය සෞම්‍ය හා නිහතමානි බවත් සත්‍යය නිරන්තරයෙන්ම නිශ්ශබ්ද බවත් ෆ්රැන්සිස් පාප් වහන්සේ පවසති.

පවුලක පවා ඇතැම් විට දේශපාලනය, ක්‍රීඩා හෝ මුදල් වැනි ඕනෑම සාකච්ඡාවක් විනාශකාරී විවාදයක් බවට දරුණු වන අවස්ථා ඇති බව පැවසූ පාප් වහන්සේ මෙවැනි සාකච්ඡාවල යක්ෂයා සිටින බවත් විනාශ කිරීම ඔහුට අවශ්‍ය බවත් වටහා ගන්නා ලෙස බැතිමතුන් ගෙන් ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේදීත් ඔබගේ අදහස ප්‍රකාශ කර නිශ්ශබ්ද වන ලෙස එතුමා වැඩි දුරටත් පැවසූහ.

ෆ්රැන්සිස් පාප් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ සැන්ටා මාර්තා තානායමේ උදෑසන දිව්‍ය පූජාවේ සුපුවත් භාවනාවට එක් වෙමිනි. හොඳ හිත නොමැති ජනතාව සමග කටයුතු කිරීමේ දී , අවාදර්ශය පමණක් සොයන ජනයා සමග වැඩකරද්දී, භේදය පමණක් සොයන ජනතාව සමග කටයුතු කරද්දී, නිශ්ශබ්ද වී යාච්ඥා කරන ලෙස ෆ්රැන්සිස් පාප් වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

පවුලකින් සමාජයට දිය හැකි පරමාදර්ශය පවුලේ එක්සත්කම බව ෆ්රැන්සිස් පාප් වහන්සේ පවසති. ඒ සඳහා එකිනෙකාට සමාව දීම මෙන්ම සමාව ඉල්ලීමද විය යුතු බව එතුමා පහදා දුන්හ. දික්කසාදය හෝ පවුල විනාශ කර ගැනීම සමාජයේ ආදර්ශයට ලක් විය යුතු නැති බව පාප් වහන්සේ පැවසූහ.

ක්‍රීඩාව උද්යෝගයෙන් ජීවත් වීමටත්, මිත්‍රත්වයේ වටිනාකම් සහ නීති රීතිවලට ගරු කිරීමටත් පුහුණු කරන බව පාප් වහන්සේ ප්‍රකාශ කළහ. ගෙවී ගිය බදාද බැතිමතුන් අතර සිටි යතුරුපැදි ධාවන ශූරයින් හමු වූ එතුමා ක්‍රීඩාව සහ ක්‍රීඩකයාගේ ගුණාංග ඇගයීමට ලක් කළහ. සැන් මරීනො සහ රිමිනි කෝස්ට් හ ගොන් ප්‍රී යතුරු පැදි ධාවන තර නියෝජනය කරන ක්‍රීඩකයින් මෙසේ පාප් වහන්සේ ගේ ආශීර්වාද ලබා ගත්තේය. ක්‍රීඩාව යනු විශේෂයෙන් තරුණයන් සඳහා පිරවිය නොහැකි අධ්‍යාපනික මෙවලමක් බව එතුමා මෙම ක්‍රීඩකයන් හමුවේ පැවසූහ.

ෆ්රැන්සිස් පාප් වහන්සේ ගේ සැප්තැම්බර් මාසයේ යාච්ඤා අවධානය අප්‍රිකානු තරුණ ප්‍රජාව වෙත යොමු වන බව පාප් වහන්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ. " අප්‍රිකාවේ සිටින යෞවනයන්ට තම රට තුළ අධ්‍යාපනයට හා වැඩ කිරීමට හැකියාව ලැබේවායි අපි යාච්ඤා කරමු !" යි පාප් වහන්සේ එහි සඳහන් කළහ. අප්‍රිකාව යනු වටිනා සම්පත් සහිත තරුණ ප්‍රජාවක් සිටින මහද්වීපයක් බවත් ඔවුන් වෙනුවෙන් උදවු ලබා දීමේ දී වඩාත් ප්‍රතිඵලදායක වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම බවත් පාප් වහන්සේ එහි දී අවධාරණය කළහ. තරුණ ප්‍රජාවට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාවක් නෙලැබේ නම් ඔවුන්ගේ අනාගතයට කුමක් හිමි වේදැයි එතුමා ප්‍රශ්න කළහ.

තෙරේසා මව්තුමිය ශාන්තුවරයේ පිහිටුවා වසර දෙකක් පිරීම නිමිත්තෙන් පාප් වහන්සේ විසින් ශාන්ත පීතර චතුරශ්‍රයේ දී විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබූහ. තෙරේසා මව්තුමි‍යගේ කරුණාවේ බල මහිමය මෙහිදී ෆ්රැන්සිස් පාප් වහන්සේ විසින් නැවත නැවතත් ඇගයුමට ලක් විය.

ක්‍රිසන්ති විතාරණ


නව අදහස දක්වන්න

Or log in with...