අභ්‍යවකාශ තාක්ෂණයෙන් ඇල්ලූ මිනීමරුවා | දිනමිණ

අභ්‍යවකාශ තාක්ෂණයෙන් ඇල්ලූ මිනීමරුවා

අභ්‍යවකාශයේ සිදුකරනු ලබන පරීක්ෂණ හා සමීක්ෂණ සඳහා ඇමරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයින් විසින් නිපදවන ලද අපුරු ගවේෂණ උපකරණයක් ආධාරයෙන් වසර 18ක් තිස්සේ ඔප්පු කළ නොහැකිව තිබු මිනී මැරුමක සුලමුල හෙළි කර ගැනීමට පොලිසියට හැකි වු බව ඇමරිකාවේ සැන්ට් ක්ලෙරා ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

කැලිෆෝනියාවේ ලොස් ඇල්ටෝස් ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිටි ඩෝන් සන්චේස් ඉකුත් 1991 අගෝස්තු 30 වැනිදා දා සිටි හිටිහැටියේ අතුරුදන් වුවාය. අවසන් වරට ඇයව මුණ ගැසී ඇත්තේ එදින ඇය සමඟ සිය මොටෝ රියෙන් විනෝද ගමනක් ගිය ඇගේ පෙම්වතා වු බර්නාඩෝ බාස් නමැති අයටය.

ඩෝන් සන්චේස් ගේ අබිරහස් අතුරුදන් වීම ගැන පරීක්ෂණ පැවැත් වූ ලොස් ඇල්ටෝස් පොලිසිය ඇය අතුරුදන් වී ඇත්තේ ඇය මරා දැමීම නිසා බවට සැක පහළ කළේය. එවන් ඝාතනයක් සිදු වී ඇත්තම් ඊට ඇයගේ පේ‍්‍රමවන්තයා වග කිව යුතු බව පොලිසිය විශ්වාස කිරීම නිසා බර්නාඩෝ බාස් නමැත්තා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවරනු ලැබු නමුත් ඩෝන් සන්චේස් ගේ මළ සිරුර හෝ ඇය මරා දමන්නට උපයෝගී කරගත් ආයුධය හෝ ඇය අවසන් වරට ගමන්ගත් මෝටර් රථය සොයා ගැනීමට පොලිසියට නොහැකි වීම නිසා බර්නාඩෝ බාස්ට එරෙහිව පැවැති නඩුව අධිකරණය මඟින් ඉවත දමනු ලැබීය. පසුව විත්තිකරුවා ද නිදහස් කර දමන්නට අධිකරණය පියවර ගත්තේය.

ඔප්පු කර ගැනීමට අවශ්‍ය වැදගත් සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි වීම නිසා ඩෝන් සන්ඩේස් ඝාතනය ද ඉබේටම යටපත් වී ගියේය. එහෙත් අපරාධයක් සදාකල් යටපත් කිරීම අපහසු යන අදහස නැවත නැවතත් සනාථ කරමින් ඩෝන් සන්ඩේස් ගේ ඝාතනය යළි මතු වුයේ 2007 වර්ෂයේදීය.

  

ඒ බාස් ගේ මෝටර් රථය මෙන්ම සන්ඩෙස් ගේ මළ සිරුර හා ඇය මරා දැමීමට යොදා ගත් බවට සැක කරන පිස්තෝලය ද ඇල්වීසෝ ප්‍රදේශයේ පාළු ප්‍රදේශයක වළ දමා ඇති බවට පොලිසියට ලැබුණු ඔත්තුවක් නිසාය. ඉන් අනතුරුව සන්චේස් ඝාතනය පිළිබඳ උනන්දුව යළි තීව්‍ර විය.

සන්චේස් වළ දැමුවේ යැයි සඳහන් වූ ස්ථානය විශාල ප්‍රදේශයක් වු අතර එහි නොයෙකුත් වාහන කොටස් හා වෙනත් අපද්‍රව්‍ය ද වළ දමා තිබීම නිසා එම විශාල ප්‍රදේශය කැනීම් කිරීම අතිශයින් අපහසු කාර්යයක් විය. මේ නිසා සැන්ට් ක්ලේරා දිස්ත්‍රික් නීතිඥ කාර්යාලය මෙම අබිරහස නිරාවරණය කර ගැනීමට කානහි මෙලන් රසායනාගාරයේ, නාසා ආයතනයේ හා ඇමරිකාවේ භූර්භ සමීක්ෂණ ආයතනයේ සහාය ලබා ගැනීමට තීරණය කළේය.

ඒ සඳහා නාසා ආයතනයේ විද්‍යාඥයින් විසින් සෙන්සෙටා ආයතනය මඟින් අභ්‍යවකාශ සමීක්ෂණ සඳහා නිෂ්පාදනය කර ඇති සැන්සෙටා ර්ඒඔ 5.ර්‍ණඒ නමැති රෝවර් යානය උපයෝගී කරගනු ලැබිය.

රොබෝ තාක්ෂණය අනුව නිමවා ඇති මෙම රෝවර් යානය ඇල්විසෝ ප්‍රදේශය සමීක්ෂණය කරමින් සැක කටයුතු ස්ථාන සිතියම් ගත කරන ලදි. එසේ සිතියම් ගත වූ ප්‍රදේශ කිහිපයක කැනීම් සිදු කිරිමෙන් අනතුරුව සන්චේස්ගේ පෙම්වතා වූ බර්නාඩෝ බාස් ගේ මෝටර් රථයේ කොටස් කිහිපයක් ගොඩ ගැනීමට ද පොලිසියට හැකිවිය.

බර්නාඩෝ හා සැන්චේස් අතර සිදු වු බහින් බස් වීමක් දුරදිග යාම නිසා බර්නාඩෝ විසින් ඇයට වෙඩි තබා මරා දමා ඇති බවට පොලිසිය සැක කර තිබු නමුත් එය තහවුරු කර ගැනීම සඳහා ඇගේ මළ සිරුර හා පිස්තෝලය සොයා ගැනීමට පොලිසියට නොහැකිවීම නිසා පරීක්ෂණවලට කිසියම් බාධාවක් ගෙනදුනි.

ඔහුගේ මෝටර් රථයේ කොටස් ගොඩගැනීම හරහා ලැබුණු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර අධිකරණය විසින් 48 වැනි වියේ පසු වූ බර්නාඩෝ බාස් 06 වසරක සිර දඬුවමකට යටත් කරනු ලැබුවේ ඔහු විසින් 1991 දී නඩු විභාගයේදී ඉදිරිපත් වූ චෝදනා වලට තමා නිවැරදි කරු යන ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම නිසාය.

මේ සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයින් පවසා සිටියේ මෙම නඩු විභාගය ජුරි සභාවක් ඉදිරියට ගෙන යාමේදී අනිවාර්්‍යෙයන්ම මීට වඩා දැඩි දඬුවමක් ඔහුට ලැබීමට නියමිත නිසා නිවැරදි කරු යන වදන් ඉල්ලා අස්කර ගැනීමෙන් වසර 06ක සිර දඬුවමක් ලබා ගැනීමට ඔහුට හැකි වූ බවයි. ජුරි සභාවක් ඉදිරියේ නඩුව විභාග වුයේ නම් ඔහුට නියත වශයෙන් ම ජිවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබෙනු ඇතැයි ඔවුහු ප්‍රකාශ කළහ.

ඩෙඩෙඩෙබර්නාඩෝෙඅත්අඩංගුවට ගැනීමෙන් පසු නඩු විභාගය අවසන් වන විට වසර 04ක් ගත වූ බැවින් ඔහුට සිර ගෙදර ගත කිරීමට ඇත්තේ තවත් වසර තුනක් බව ද අධිකරණය කියා සිටියේය. කෙසේ වෙතත් නාසා ආයතනය මඟින් අභ්‍යවකාශ කැනීම් සමීක්ෂණය කිරීම සඳහා යොදා ගනු ලබන රෝවර් යානය උපයෝගී කරගෙන ඩෝන් සන්චේස් ගේ ඝාතනය සුලමුල සොයා ගැනීමත් එමඟින් මිනී මරුවා අල්ලා ගැනීමට හැකි වීමත් අපරාධ ඉතිහාසයේ අතිශය වැදගත් කඩඉමක් ලෙස හැඳින්විය හැකිය.

(රෝහණ ආර්යරත්න)

නව අදහස දක්වන්න