ජොන්ස්ටන් යළිත් හෙට දක්වා රිමාන්ඩ් | දිනමිණ

ජොන්ස්ටන් යළිත් හෙට දක්වා රිමාන්ඩ්

හිටපු සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය අද නියෝග කලේය.

කෙසේ වෙතත් මෙම නඩුව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අධිකරණ සංකීර්ණයට පමණක් නොව අධිකරණ භූමියටත් පැමිණීම වළක්වමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර නියෝගයක් පනවා තිබේ.

පොලීසිය මේ බව මාධ්‍යවේදීන්ට දැනුම් දුන් අතර ඔවුන් ද පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් හේතුවක් නොදන්නා බවයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධිකරණය තුළට පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවතින නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීම කුරුණෑගල මහාධිකරණයේදී සිදුවේ.

නව අදහස දක්වන්න