කතානායකවරයා සහ මෝදි අතර හමුවක් | දිනමිණ

කතානායකවරයා සහ මෝදි අතර හමුවක්

ඉන්දියාවේ සංචාරයක නිරත කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස එරට අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි  මහතා හමුව ඇත.
 
ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනය පරිදි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් එරට සංචාරයේ නිරතව සිටි. එම පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡාවකද නිරතව ඇත.
 
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සැලකිය යුතු කාලයක් වෙන් කරමින් මෙම සාකච්ඡාවට එළඹීම පිළිබද එරට මාධ්‍යයේ විශේෂ අවධානය ද යොමුව තිබේ.
 
විනාඩි 45 ක පමණ දීර්ඝ ද්වීපාර්ශවික සාකච්ඡාවක් සිදු වී ඇත.
 
විපක්ෂ නායක ආර් සම්බන්ධන්, ගයන්ත කරුණාතිලක , නිමල් සිරිපාල ද සිල්වා , රවුෆ් හකීම් , මනෝගනේෂන් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වෙති.

නව අදහස දක්වන්න