වීර මොනරවිල නිලමේ පරිහරණය කළ වී අටුව විනාශයට ගිහින් | දිනමිණ

වීර මොනරවිල නිලමේ පරිහරණය කළ වී අටුව විනාශයට ගිහින්

වීර මොනරවිල නිලමේතුමන් විසින් පරිහරණය කරන ලද වී අටුව සහ පැරැණි විහාරය විනාස විමේ තත්ත්වයට පත්ව ඇති මුත් මෙතෙක් කිසිදු සංරක්ෂණයකට යොමු නොවීම කනගාටුවය කරුණක් යැයි පල්ලේපොල ශ්‍රි වේලුවන විහාරාධිපති මේල්පිටියේ විමලරතන හිමිපාණන් වහන්සේ වදාළහ. උන්වහන්සේ මෙසේද වදාළහ.

1812 දී මොනරවිල දිසාවේ ගම්බිම් රාශියක් විහාරස්ථානයට පුජා කර තිබෙනවා. මොහු විසින් පරිහරණය කරන ලද වී අටුව සහ විහාර මන්දිරය, පුරා වස්තු විදිහට අදටත් තිබෙනවා. නමුත් ඒවා අද විනාශ වී යන තත්ත්වයට පත්වෙලා. පුරා විද්‍යා අංශවල නිලධාරින් ඇවිල්ලා බලලා යනවා. බිතු සිතුවම් විනාස වෙලා, කෑලි ගැල වෙනවා. සායම් දියවෙලා ගිහිල්ලා .මේ ස්ථාන පෞරාණික වශයෙන් ආරක්ෂා කර මහජන ගෞරවයට පත් කරනවානම් හොදයි . අද ඉන්න පරම්පරාව දන්නේ නැහැ .අවුරුදු 200 ගානක ඉතිහාසයක් කියන්න දන්නේ පැරැණි වැඩිහිටි අය පමණයි . එම නිසා බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවිය යුතුයි.

සටහන සහ ඡායාරූපය
උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන

නව අදහස දක්වන්න