අසුපිනි ඇල්ලේ සහ මාඔයෙහි ජල මට්ටම අඩු වෙලා | දිනමිණ

අසුපිනි ඇල්ලේ සහ මාඔයෙහි ජල මට්ටම අඩු වෙලා

මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර

වැසි නොමැතිකමින් අසුපිනි ඇල්ලේ හා මා ඔයෙහි ජල මට්ටම අඩු වී ඇති අයුරු මේ දින වල දැක ගත හැකි වේ. සති කිහිපයක් තුළ ඇති වු වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජනතාව දිනෙන් දින ජල ප්‍රශ්නවලින් පීඩා විඳිති.

මධ්‍යම පළාතේ රක්ෂා කන්ද ස්ථානයෙන් පටන් ගෙන මාඔය ලෙසින් අරණායක හරහා මාවනැල්ල, රඹුක්කන නගර පසු කරමින් ගලා යන අසුපිනි ඇල්ලේ ජලය බොහෝ ජනතාවගේ එදිනෙදා කටයුතුවලටත් නගර කිහිපයකට ම මෙහි ස්ථාන රැසකින් ජලය ලබා ගෙන ලක්ෂ සංඛාත පිරිසක් ජල අවශ්‍යතාව සපුරා ගන්නා අතර ජල ප්‍රවාහන මණ්ඩලය මඟින් ද ස්ථාන කිහිපයකින්ම ජලය බෙදා හැරිම සිදු කරයි.

එසේම පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් දිය නාන්ට යොදා ගන්නේද මෙම ජලයයි. නමුත් පසුගිය දිනක අපි එහි යන විටත් අලි ඇතුන්ට නාන්නටත් එම ස්ථානයේ අවශ්‍ය තරම් ජලය නොමැති තත්ත්වයක් දකින්නට ලැබුණි.

නව අදහස දක්වන්න