ලබන පළමුවැනිදා සිට දුම්රිය ගාස්තු සංශෝධනයක් | දිනමිණ

ලබන පළමුවැනිදා සිට දුම්රිය ගාස්තු සංශෝධනයක්

සමන්මලී ප්‍රියශාන්ති

වසර දහයකට පමණ කාලයකට පසුව ලබන පළමුවැනිදා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කෙරේ. ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය වානිජ අධිකාරී එම්.ජේ.ඉදිපළගේ මහතා පැවසීය.

දැනට රුපියල් 10ක්ව පවතින අවම දුම්රිය ගාස්තුව නව ගාස්තු සංශෝධනය අනුව වැඩවීමක් සිදු කර නැති අතර අවම ගාස්තුව අය කරනු ලබන කිලෝමීටර් 9ක දුර කිලෝමීටර් 7 දක්වා අඩු කර තිබෙන බව ද ඒ මහතා පැවසීය.

තුන්වන පන්තිය සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා වූ රුපියල් 205ක ගාස්තුව නව ගාස්තු සංශෝධනයට අනුව 275ක් දක්වා වැඩි වී ඇති අතර කොළඹ කොටුව සිට මාතර දක්වා වූ රුපියල් 130 ගාස්තුව 170ක් දක්වා වැඩි කර ඇත.

යාපනයට මෙතෙක් අය කරනු ලැබූ 320ක ගාස්තුව රුපියල් 350 දක්වා වැඩි කර තිබේ. ගාල්ල දක්වා අය කරනු ලැබු 105ක ගාස්තුව 135 දක්වා ද වැඩි කර ඇත. එමෙන්ම කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා තුන්වැනි පන්තියේ ගාස්තු ලෙස අය කරනු ලැබූ රුපියල් 110ක මුදල රුපියල් 140 දක්වා වැඩි කර තිබේ.

වසර ගණනාවක් දුම්රිය ගාස්තු සංශෝධනය නොවුණු නිසා පසුගිය වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 670ක පාඩුවක් ද සිදුව තිබේ.

නව අදහස දක්වන්න