අරක්කු බෝතලයට බඩ කැපී මියයයි | දිනමිණ

අරක්කු බෝතලයට බඩ කැපී මියයයි

සිය යතුරුපැදිය නතර කිරීමට ගිය අවස්ථාවේ යතුරුපැදියත් සමග බිමට වැටී ඉණේ ගසා ගෙන සිටි අරක්කු බෝතලය කුඩු වී ඉන් උදර ප්‍රදේශයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඊයේ (10) සවස තරුණයෙකු මරණයට පත් වී ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.

මාමඩල හංගන්වගුර මාර්ගයේදී සිදු වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාමඩල ඇළේගොඩ බටහිර රණවිරු මාවතේ පදිංචි ලියනපතිරණගේ දිල්ශාන් ලක්ෂිත (23) නැමති අයයි. මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු හම්බන්තොට මහ ‍රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇතැයි පොලිසිය කීය.

මියගිය අයගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය බස්නාහිර වළකඩ හදිසි මරණ පරික්ෂක ඒ.වෙත්තසිංහ විසින් අද(11) පෙරවරුවේ පවත්වන ලදී.

අම්බලන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

නව අදහස දක්වන්න