ලාංකිකයන් පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ | දිනමිණ

ලාංකිකයන් පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ

තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම ඔස්ට්‍රේලියා වේලාවෙන් පස්වරු 02.00 පර්ත් නුවරින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර ඇතැයි ගාඩියන් ඔස්ට්‍රේලියා පුවත්සේවය වාර්තා කරයි.

ඔවුන් ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතමින් ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණි පිරිසකි.

මේ අතරින් බහුතරය දමිළ ජාතිකයන් වන අතර එක් සිංහල ජාතිකයෙක් සිටින බව ද සදහන්.

මෙම පිරිසෙන් කිහිප දෙනෙකුම ඔස්ට්‍රේලියාවේ රඳවා ගැනීමේ මධ්‍යස්ථාන තුළ වසර හයකටත් වැඩි කාලයක් රඳවා තබාගෙන සිටි බව ද එම පුවත් පත වාර්තා කර ඇත.


නව අදහස දක්වන්න

Or log in with...