මිහිතලය අසාමාන්‍ය ලෙස උණුසුම් වෙයි | දිනමිණ

මිහිතලය අසාමාන්‍ය ලෙස උණුසුම් වෙයි

මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, එහි බලපෑම 2015 - 2016 වසර වලට සාපේක්ෂව සියයට 70 ට අඩු ප්‍රතිශයක් වන බවයි.

මෙම කාලගුණ තත්ත්වයත් සමඟ පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ වෙනසක් දක්නට ලැබෙනු ඇති.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ සැලිකිය යුතු වෙනසක් මේ මස අවසානය වන තුරු අපේක්ෂා කල නොහැකි බවය.

ඔක්තෝබර් හා නොවැම්බර් කාලවලදී වැසි බලාපොරොත්තු විය හැකි බවයි ඒ පිළිබඳ පැහැදිලි කරමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය සදහන් කලේ.

එමෙන්ම චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට පෙන්වා දෙන්නේ, අධික උෂ්ණත්වය හා හිරු එළිය නිසා අධික ලෙස දහඩිය දැමීම හේතුවෙන් කුඩා රතු පැහැතිබිබිලි ඇති විය හැකි බවයි.

 

නව අදහස දක්වන්න