මහනුවරට‍ හෙට වතුර නැහැ | දිනමිණ

මහනුවරට‍ හෙට වතුර නැහැ

මහනුවර ප්‍රදේශ කිහිපයක හෙට දිනයේ  පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, පොල්ගොල්ල ජල සම්පාදනයට අයත් ප්‍රදේශ කිහිපයකට මෙම තත්ත්වය බලපානු ඇති බවයි.

හෙට උදෑසන 09.00 සිට පස්වරු 05.00 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අමුණුගම පාර, 606  පාර, ලේවැල්ල, බාබර්වත්ත, සිරිමල්වත්ත, මඩවල පාර, පල්ලෙගුන්නෑපාන, ගඟ පාර, දෙගල්දොරුව පන්සල පාර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම් අත්හිටුවනු ඇති බව ද සදහන්.

නව අදහස දක්වන්න