නම්‍යශීලී ජංගම දුරකතන වෙළෙඳපොළට හඳුන්වාදීමට හොඳම කාලයයි මේ | දිනමිණ

නම්‍යශීලී ජංගම දුරකතන වෙළෙඳපොළට හඳුන්වාදීමට හොඳම කාලයයි මේ

නම්‍යශීලී ජංගම දුරකතන වෙළෙඳපොළට හඳුන්වාදීමට හොඳම කාලය පැමිණ ඇති බව සැම්සුන් සමාගමේ ජංගම දුරකතන අංශ ප්‍රධානී ඩීජේ කෝ පවසයි. නම්‍යශීලි ජංගම දුරකතන එළි දැක්වීමට සූදානම් බව මීට පෙර එම සමාගම ප්‍රකාශ කළේ නම්‍යශීලී ජංගම දුරකතනවලට වෙළෙඳපොළේ ඇති ඉල්ලුම සැම්සුන් සමාගමේ නිරීක්ෂණ අනුව පෙනී යන බව සඳහන් කරමිනි.

දුරකතන නිෂ්පාදකයන් කීපදෙනෙකුම නම්‍යශීලී තිරයක් සහිත, මැදින් නැම්මක් නොපෙනෙන සේ දෙකට නැමිය හැකි ජංගම දුරකතන නිර්මාණය කරමින් සිටින බවට කටකතා පැතිරී තිබේ.

කෙසේ වෙතත්, තවමත් ප්‍රදර්ශනය කිරීමට කිසිවක් නැති බව සැම්සුන් සමාගම විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

නම්‍යශීලී දුරකතන නිර්මාණය කරන ක්‍රියාවලිය ඉතා සංකීර්ණ නමුත් සැම්සුන් සමාගම එය අවසාන කිරීමට ආසන්න බව ඩීජේ කෝ වැඩිදුරටත් පවසයි.

 

නව අදහස දක්වන්න