‘අඳුරෙන් එළියට පාපැදි සවාරිය’ සාර්ථකව නිමා වෙයි | දිනමිණ

‘අඳුරෙන් එළියට පාපැදි සවාරිය’ සාර්ථකව නිමා වෙයි

දිවයින පුරා සිටින ජනතාවගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය ඇති කරලීම සහ සියදිවි හානිකර කර ගැනීම වැළැක්වීමේ අරමුණින් සී.සී.සී. පදනම (CCCline) විසින් උත්සාහය, දයාව, කැපවීම් අරමුණු කරමින් සංවිධාන කළ 1333 Bikeathon ‘අඳුරෙන් එළියට පාපැදි සවාරිය’ පෙරේදා සාර්ථකව නිමාවට පත්විය.

කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භවී දිවයිනේ ප්‍රධාන නගර 13 ආවරණය කරමින් කිලෝමීටර 1333ක දුරක් යුතුව දින 13ක් ගමන්ගත් සවාරිය යළි ආරම්භක ස්ථානයෙන්ම නිමාවට පත්විය.

CCCline උපදේශන සේවාවේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සමගින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ සවාරිය අතරතුර සියදිවි හානි කරගැනීමට පෙළඹීම, ඉන් වලක්වා ගැනීම හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා තෝරාගත් නගරවලදී වැඩසටහන් රැසක් පැවැත්විණි.

CCCline1333 මගින් උපදේශන සේවාව මගින් ජනතාවට අවශ්‍ය සේවාවන් පැය 24 පුරාම ලබාදීමට කටයුතු කර ඇති අතර එම සේවාව තව දුරටත් ජනතාව අතරට ගෙන යෑම මේ පාපැදි සවාරියේ ප්‍රධාන බලාපොරොත්තුව විය.

එම සවාරියේ නිමාව සනිටුහන් වූ අයුරුයි මේ.

ඡායාරූප නිරෝෂ් බටේපොල

නව අදහස දක්වන්න