ඉන්දීය කණ්ඩායමට දරුණු පරාජයක් | දිනමිණ

ඉන්දීය කණ්ඩායමට දරුණු පරාජයක්

සංචාක ඉන්දීය කණ්ඩායම අතර පැවති තරඟ පහකින් සමවිත ටෙස්ට් තරඟාවලියෙ තරඟ හතරට එකක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (11) සමත් විය.

පස්වන ටෙස්ට් තරඟය ඉන්දීය කණ්ඩායම ලකුණු 118 කින් පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

අවසන් තරඟයේදී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 332 ක් රැස් කිරීමට සමත් වූ අතර ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 292 ක් පමණි.


නව අදහස දක්වන්න

Or log in with...