දිනක් වැන්දත් නිමක් වෙන්නැති රැස් වෙහෙර | දිනමිණ

දිනක් වැන්දත් නිමක් වෙන්නැති රැස් වෙහෙර

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අන්තිම කෙළවරේ ගල්ගමුව කොට්ඨාසයේ පිහිටා ඇති රැස්වෙහෙර පුද බිම දවසක් පුරා නැරඹිය හැකි වැඳිය හැකි ඵෛතිහාසික පුද බිමකි

ත්‍රිවිධ චෛත්‍ය රාජයාණන් වහන්සේලා එක්තැන්හි පිහිටි දුර්ලභ ස්ථානයක් ලෙස රැස්වෙහෙර පුද බිමෙහි අතීතය ක්‍රිස්තු පුර්ව 307 දක්වා විහිදී යයි. දේවානම් පියතිස්ස රජු අනුරාධපුර ජයසිරි මහා බෝධි දෙතිස් ඵල බෝධි අංකුරයක් රත්‍රන් පාත්‍රයක දමා ගෙන විශාල පෙරහරකින් රැස්වෙහෙර කන්ද පාමුල ගල් කුහරයන් අතර රෝපණය කළ මෙහොතේ එම බෝධීන් වහන්සේ අඩි 4ක් පමණ උසට ඉහළ නැගී 'සවනක් රැස්' විහිදුවන්නට වූ බව දැනගන්නට ඇත.

ඒ මොහොතට විශාල ජනතාවක් එක් රැස් වූහ. මේ ප්‍රාතිහාර්යය අදහාගත නොහැකි වූ රජතුමා එම ස්ථානයට රැස්වෙහෙර යැයි නම් තැබුහ. පොත පතෙහි සඳහන් පරිදි රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමාව අවුකන ප්‍රතිමාවට සමාන බවත්, ගුරු ගෝල දෙදෙනා විසින් නිර්මාණය කර ඇති බවත් කියැවේ.

විශාල ගල් ලෙන් 99ක් ඇති රැස්වෙහෙර, වනයේ තිබු මහා පර්වතය දැක මහසෙන් රජු විසින් කළු ගලක නොවන පංච පාෂාණ වර්ගයට අයත් ගලේ බුද්ධ ප්‍රතිමාවක් නෙළූහ. මෙම පිළිම වහන්සේ නෙළා තිබෙන්නේ ගලෙන් 4/3ක ප්‍රමාණයකය.

අවුකන පිළිමය අමරාවති සමුප්‍රදායට අයත් නමුත් රැස්වෙහෙර පිළිමය ගාන්ධාර සම්ප්‍රදායට අයත්ය. රජවරුන් රැසකගේ පහස ලද රැස්වෙහෙර පුජා භුමියට සතුරු ආක්‍රමණ නිසා බුද්ධ ප්‍රතිමාවෙහි පුරගෙය කඩා බිඳ දමා ඇත.

වළගම්බා රජු සමයේ සිට ශ්‍රි වික්‍රම රාජසිංහ රජ සමය දක්වා මෙම පුණ්‍ය භූමිය ප්‍රතිසංස්කරණය කරමින් පවත්වා ගෙන ඇවිත් තිබේ.

ආසියාවේ පැරණිම නා කැලය ඇත්තේ ද රැස්වෙහෙර ආසන්නයේය. එය අක්කර 09 ක් පමණ වේ. ඒ අසල පොකුණු රැසකි. වැව් දෙකක් අතර ඇති ගල් උගුල පුදුමාකාර ස්ථානයකි. නොසෙල්වන එම ගල නොවැටි තිබිම පුදුමයකි.

ගම් සභා මණ්ඩපය,හත් පොකුණ,නාග පොකුණ,නබඩ පොකුණ, ඹෘෂධ පොකුණ,ඹරු පොකුණ,සළු පොකුණ,සක්මන් මළුව, අගුරු පුච්චපු ගල,බැලුම් ගල,කුල්ල ගල,නෑනු නෑනු ගල,බඹරගල, මාරහෙල නම් ඓහාසික ස්ථාන රැසකි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

සටහන ගුණරත්න ලියනආරච්චි

කුරුණෑගල දිස්ත්‍රික් සංචාරක


නව අදහස දක්වන්න

Or log in with...