අනුලාගේ කලාව හුදෙකලා වෙලා | දිනමිණ

අනුලාගේ කලාව හුදෙකලා වෙලා

රඹුක්කන කන්සලගමුවේ පදිංච් අවුරුදු හැත්තෑ හැවිරිදි එච්.ජි.අනුලා හේරත් මහත්මිය ඉවතලන ගස්වල මුල්,අතු වලින් සිදු කරන නිර්මාණ සහ චිත්‍ර විශාල ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන සුසුම් හෙළමින් කාලය ගත කරන්නීය.

පියාගේ අභාවයෙන් පසු මව සමඟ නිවෙසේ ජීවත් වූ ඇය පාළුව කාන්සිය මඟ හරවා ගත්තේ රුක්කලාව සහ චිත්‍ර කලාව ප්‍රගුණ කරමිනි. මීට තුන් මාසයකට පමණ පෙර මව ද මෙලොවින් සමු ගත් නිසා පියාගේ විශ්‍රාම වැටුප ඇයට දැන් අහිමි වී තිබේ.

“අපේ පවුලේ අයියයි මමයි මල්ලියි හිටියේ. අයියා කලකට පෙර මිය ගියා. මල්ලි විවාහ වී ගෙදරින් පිට වුණා. තාත්තා මියගිය පසු ඔහුගේ විශ්‍රාම වැටුපෙන් තමයි මමයි අම්මයි ජීවත් වුණේ. මම තමයි ඒ මුදල් නිවෙසේ අවශ්‍යතාවට විය පැහැදම් කළේ. ඒ ලැබෙන මුදලින් තමයි මම චිත්‍ර අඳින්න අවශ්‍ය සායම්, කොළ ආදිය ගත්තේ . මම පාසල් ගියේ රඹුක්කන පරාක්‍රම කතෝලික පාසලටයි. එහි 7 ශ්‍රේණිය දක්වා ගියා. පින්නවල මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගය කළා. එහෙදී මට චිත්‍ර ඉගැන්නුවේ සරත් ධර්මසේන සර්. එතුමාගෙන් ලබපු දැනුම උපයෝගී කරගෙන තමයි මම දැන් චිත්‍ර අඳින්නේ. මා ඇඳපු විශාල චිත්‍ර 100කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම නිර්මාණය කළ රුක්කලා රැසක් තිබේනවා. මට ලොකු ආසාවක් තියෙනවා මගේ නිර්මාණ එකතුව අලෙවි කරන්න හෝ ප්‍රදර්ශනයක් පවත්වන්න ඒ සඳහා මට උදව් කරන්න කවුරුහරි ඉදිරිපත් වෙනවානම් ලොකු උපකාරයක්.

සටහන සහ ඡායාරූප

විපුල එස් කුමාරතුංග රඹුක්කන උතුර සමුහ


නව අදහස දක්වන්න

Or log in with...