උමාඔය ව්‍යාපෘතියෙන් අවතැන් වූ පවුල්වලට කෝටි 85ක වන්දි | දිනමිණ

උමාඔය ව්‍යාපෘතියෙන් අවතැන් වූ පවුල්වලට කෝටි 85ක වන්දි

බණ්ඩාරවෙල සමූහ ආනන්ද හපුගොඩ

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා දේපලවලට හානි සිදුවූ ජනතාවට වන්දි වශයෙන් රුපියල් අසූ පන් කෝටි හැත්තෑ දෙලක්ෂ හත්දහස් දෙසිය විසි තුනයි සත පනස් හයක මුදලක් ගෙවූ බව ජනතා සහන සැලසීමේ බණ්ඩාරවෙල සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 3458ක් සඳහා රුපියල් පනස් දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂ පනස් දහස් හත්සිය තිස් දෙකක මුදලක් ද, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 1570 ක් සඳහා රුපියල් විසි අට කෝටි හැට පන් ලක්ෂ විසිහත් දහස් තුන්සිය අසූ පහක මුදලක් ද, හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 211ක් සඳහා රුපියල් දෙකෝටි තිස් අට ලක්ෂ හාර දහස් හාර සියයක මුදලක් ද, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 67 ක් සඳහා රුපියල් හතළිස් අට ලක්ෂ අසූ එක් දහස් අට සියයක මුදලක් ද, වැළිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 754 ක් සඳහා රුපියල් තුන් කෝටි පනස් හතර ලක්ෂ හතළිස් එක් දහස් අටසිය හයක මුදලක් ද, ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 55ක් සඳහා රුපියල් හය ලක්ෂ හැටහය දහස් සියයක මුදලක් ද ගෙවා අවසන් කර ඇත.

නව අදහස දක්වන්න