ලොතරැයි මණ්ඩල වාහන කිරි පැකට් බෙදන්නේ නැහැ | දිනමිණ

ලොතරැයි මණ්ඩල වාහන කිරි පැකට් බෙදන්නේ නැහැ

පසුගියදා පැවැති ජනබලය විරෝධතාවයේදී ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් වෑන් රථයකින් කිරි පැකට් බෙදා දුන් බවට කරන චෝදනාව අසත්‍ය බවත් ඊට එරෙහිව නීතිමය කටයුතු ඉදිරියේදී සිදු කරන බවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ශමිලා පෙරේරා මහත්මිය පැවසුවාය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ වාහන සිය රාජකාරී සිදු කර ඇති බවත් මණ්ඩලය තුළට පැමිණ මේ වාහනයේ ඡායාරූපගෙන අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන පිරිසට එරෙහිව කටයුතු කරන බවද පෙරේරා මහත්මිය කීවාය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ කීර්ති නාමයට හානි සිදු කළ සියලුදෙනා වෙනුවෙන් නීතිමය කටයුතු සිදු කරන බවද සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මහතා- මේ වැන් රථය අදාළ රාජකාරී කටයුතු සිදු කරන තිබෙනවා. ඉන් පසුව නැවත ජාතික ලොතරැයි මණ්ඩලයට පැමිණ තිබෙනවා. එම වාහනයේ ඡායාරූප හා වාහන වේලා සටහන් දත්ත ලබාගැනීම සම්බන්ධයෙන් අභ්‍යන්තර වාර්තාවක් අපි සිදු කරනවා. තවද අපි මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සී අයි ඩීයට පැමිණිලි කිරිමට බලාපොරොත්තු වෙනවා.

නව අදහස දක්වන්න